ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (20) දින පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක් මඟින් දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අවදානම පැවතිය හැකි ප්‍රදේශ නම්කර ඇත.
ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රා.ලේ. කොට්ඨාශය සහ අවට ප්‍රදේශ, කලුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කුරුවිට, රත්නපුර සහ නිවිතිගල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය සහ අවට ප්‍රදේශ වෙනුවෙන් අදියර 01 (විමසිලිමත් – කහ) නිවේදනය වලංගු වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රා.ලේ. කොට්ඨාශයට අදියර 02 (අවධානය – ඇම්බර්) නිවේදනය වලංගු වේ.











