පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස ඉදිකර දෙන බව පවසා මුදල් වංචා ආයතනයක් ගැන විමර්ශන – පැමිණිලි 245ක් ලැබිලා

පහසු ගෙවීම් ක්‍රමයට නිවාස ඉදි කර දෙන බව පවසා මුදල් ලබා ගෙන එම නිවාස ඉදිකර නොදී මුදල් වංචා කළ පුද්ගලික ආයතනයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය, එම ආයතනයේ අලෙවි කළමණාකරු වශයෙන් හා මෙහෙයුම් නිලධාරී වශයෙන් කටයුතු කල සැකකාරියන් දෙදෙනෙකු පසුගිය දා (17) අත්අඩංගුවට ගෙන ඇත.

මෙතෙක් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත මෙම සැකකාරියන් සතුව තිබූ කාර් රථ 04 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අවුරුදු 30 හා 31 වයස්වල පසුවන කහවත්ත හා කඩුවෙල ප්‍රදේශවල පදිංචි මෙම සැකකාරියන් 2026.09.18 වන දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026.09.29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝගකර ඇත.

2026.07.28 දින මෙම අපරාධයට සම්බන්ධ එම පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර එම සැකකරු ද 2029.09.29 දින දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝගකර ඇත.

ආදළ පුද්ගලික ආයතනය සම්බන්ධව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත මේ දක්වා පැමිණිලි 245 ක් ලැබී තිබේ.

තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

ඉහත ඡායාරූපය AI තාක්ෂණයෙන් නිර්මාණය කළ මනංකල්පිත ඡායාරූපයකි – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website