දඹුල්ල පොලිස් වසමේ දඹුල්ල හබරණ මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ (18) හබරණ දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ බස් රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක මුහුණට මුහුණ ගැටී බස් රථය ඇදීගොස් මාර්ගය අයිනේ නවතා තිබූ තවත් කාර් රථයක ද ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයේ රියැදුරු බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු අවුරුදු 38 ක් වූ ඉනාමළුව, සීගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයා තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රථිකාර ලබන අතර දඹුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.












