දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අද (15) දින නිකුත් කළ නිවේදනයක් මඟින් කොළඹ, කළුතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා අදියර 01 (විමසිලිමත් – කහ) නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, බුලත්සිංහල, බේරුවල, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර සහ වලල්ලාවිට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකපොළ සහ රුවන්වැල්ල යන ප්‍රා.ලේ. කොට්ඨාශ සහ අවට ප්‍රදේශවලට මෙම නිවේදනය වලංගු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website