ආණ්ඩුව රට පුරා රැළි මාලාවක් සංවිධානය කරමින් සුපුරුදු පච දේශපාලනය රට පුරා ව්‍යාප්ත කරනවා – විපක්ෂ නායක

වත්මන් රජය මේ දිනවල සිය දෙදෙනි සැමරුම සමරමින් රට පුරා රැළි මාලාවක් සංවිධානය කරමින් සිය සුපුරුදු පච දේශපාලනය රට පුරා ව්‍යාප්ත කරමින් සිටින නමුත් රටේ ජනතාව ප්‍රශ්න රැසක පැටලී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

පසුගිය දා පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවී මේ ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමේ සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය.

එම හමුවේදී අනාවරණය කර ගත් ගැටලු රැසක් විපක්ෂ නායකවරයා රජයේ අවධානයට යොමු කිරීමට කටයුතු කරන ලදි. රජය රට පුරා පච කිය කියා යනවා වෙනුවට මෙම ගැටලු විසදා ජනතාවට සහන සැලසිය යුතු බව ද විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website