විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය රෝෂණී දිසානායක පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේදී ඒ මහත්මිය වෙත භාර දෙනු ලැබීය.

ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක (ශ්‍රී ලංකා පරිපාලන සේවය – විශේෂ ශ්‍රේණිය) ලෙසද කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website