නේපාල හිමාලයානු ඛේදවාචකයෙන් දින 10කට පසු අද (05) දින චීන ජාතිකයෙකු නේපාලයේ උමගකින් පණපිටින් බේරා ගත් බව බලධාරීන් පැවසූහ.
නේපාල හමුදාව පැවසුවේ ත්‍රිෂූලි ගඟේ ජල විදුලි උමගකින් චීන ජාතිකයා බේරා ගත් බවයි. මෙම උමග තුළ සිරවී සිටි නේපාල ජාතිකයින් දෙදෙනෙකු ද ඊයේ (04) මෙහෙයුමකින් පණපිටින් පිටතට ගෙන එන ලදී.
අගෝස්තු 26 වන දින ත්‍රිෂූලි ගඟේ ඉහළ කෙළවරේ ඇති ග්ලැසියරයක් කඩා වැටීමෙන් ජල විදුලි ව්‍යාපෘති හයකට සම්බන්ධ උමං මාර්ගවල අවම වශයෙන් පුද්ගලයින් 900ක් සිරවී ඇති බව ගලවා ගැනීමේ සේවකයින් විශ්වාස කරති.
මූලාශ්‍රය: රොයිටර්















