මින්නේරිය ජලාශයේ ජල මට්ටම 36% දක්වා සහ පරාක්‍රම සමුද්‍රයේ ධාරිතාව 56% දක්වා පහත වැටී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මින්නේරිය ජලාශයේ සමස්ත ධාරිතාව වන අක්කර අඩි 110,000ක ධාරිතාවයෙන් අක්කර අඩි 40,000 ක් පමණ ජලය ඉතිරිව පවති බවත් ගිරිතලේ ජලාශයේ ඉතිරිව ඇත්තේ අක්කර අඩි 8,500 කටත් අඩු ප්‍රමාණයක් බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
2026 යල කන්නයේ වී වගාව සඳහා ජලය නිකුත් කිරීම ඉදිරි දින දෙක තුළ අවසන් වීමට නියමිත බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.













