ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වා ගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද (27) උදෑසන එම කාර්යංශයේ ස්ථානාධිපතිවරිය ඇතුළු නිලධරයන් කණ්ඩායමක් බෙලිඅත්ත ප්‍රදේශයේ සැකකරු පදිංචිව සිටි නිවස වෙත ගොස් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරු වයස අවුරුදු 21 ක් වූ තරුණයෙකි.
සැකකරුගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන තිබේ. ඒ අනුව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇත.















