හොලිවුඩ් නිළියක් සහ බිම්බෝම්බ උපදේශකත්ව කණ්ඩායමේ (Mines Advisory Group -MAG) ජාත්‍යන්තර තානාපතිනි රොසමුන්ඩ් පයික් (Rosamund Pike) මහත්මිය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාට පවසා ඇත්තේ ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බිම්බෝම්බ වලින් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
බිම්බෝම්බ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජාත්‍යන්තර තානාපතිනි රොසමුන්ඩ් පයික් ඊයේ (10) නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ හමුවී සුහද සාකච්ඡාවක් පැවැත්වීය.
ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව රොසමන්ඩ් විමසූ අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කෙරෙන මෙහෙයුම් සඳහා සිය කෘතඥතාව පළ කළාය. දැනට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් සියයට 90ක් සාර්ථකව ඉවත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඉතිරි වර්ග කිලෝමීටර් 20.8ක භූමි ප්‍රමාණය වඩාත් සංකීර්ණ හා දුෂ්කර ප්‍රදේශ වේ. ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බිම්බෝම්බ වලින් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසුවේය.
බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා විශේෂයෙන් පුහුණුව ලත් ශ්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවන් 500 ක් සම්බන්ධ කර ගැනීමට පියවර ගෙන ඇති අතර, ඔවුන්ගේ ඉලක්කය වන්නේ අනෙකුත් දෙපාර්තමේන්තු හැර, හමුදාව විසින් පමණක් වසරකට වර්ග කිලෝමීටර් 1.5ක භූමි ප්‍රමාණයක් ඉවත් කිරීමයි. මේ සඳහා රජය විසින් වෙන් කරන ලද අරමුදල් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණ කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.
මෙය බිම්බෝම්බ ඉවත් කිරීම පමණක් නොව, උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීම, සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සහ සියලු ජනතාව, සිංහල, දෙමළ සහ මුස්ලිම්වරුන් අතර විශ්වාසය ගොඩනඟන උතුම් ජාතික මෙහෙවරක් බව ද ඔහු පැවසීය.














