අක්මීමණ පොලිස් වසමේ ගාල්ල උඩුගම මාර්ගයේ ගල්ගොඩදෙණිය හන්දිය ආසන්නයේදී ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පලක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් ඇත.
ඊයේ (10) සිදු වූ මෙම අනතුරින් මරණයට පත් පුද්ලයා අවුරුදු 27 ක් වූ උඩුගම ප්රදේශයේ පදිංචිකරුවෙකි. අක්මීමණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
AI තාක්ෂණයෙන් ජනනය කළ ඡායාරූපයකි – සංස්කාරක












