වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු මැලේසියාවේදී එරට පොලිසියේ සහ ජාත්‍යන්තර පොලිසියේ ද සහයෝගය මත සිදුකරනු ලැබූ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන අද (10) දින සවස ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 41 ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. ( සැකකරු පේරාදෙනිය සහ තිස්සමහාරාම ප්‍රදේශවල ද තාවකාලිකව පදිංචිව සිට ඇති බවට අනාවරණය වී ඇත.)
මෙම සැකකරු,
• 2014 වර්ෂයේදී පේරාදෙනිය පොලිස් වසමේදී ගිනි අවි පෙන්වා පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදු කිරීම
• එම පොලිස් වසමේදීම 2016 වර්ෂයේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම
යන අපරාධ සම්බන්ධයෙන් මහනුවර ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක චූදිතයෙකු වේ. සැකකරු ඉහත නඩු සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
තවද, මෙම සැකකරු 2003 වර්ෂයේදී ගල්කිස්ස පොලිස් වසමේදී මුදල් මංකොල්ලකෑමක් සම්බන්ධව ද අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇති අතර 2007 වසරේදී ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ඉහත සැකකරු මැලේසියාවේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සමඟ සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක් වන පුද්ගලයෙකු හා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක් වන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් දෙදෙනා ද වැඩිදුර විමර්ශන සඳහා දිවයිනට රැගෙන ඒමට කටයුතු කර ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පොලිස්පතිතුමාගේ උපදෙස් හා ඍජු අධීක්ෂණය මත සිදු කිරීමට නියමිතව ඇත.















