දියේ ගිලෙන කෙනෙක් දුටු සැනින් ඔබ කරන්නේ කුමක්ද? ශ්‍රී ලංකා පොලිසියෙන් මහජන දැනුවත් කිරීමක්

කලබලයෙන් වතුරට පැනීමට පෙර, ඔබ අනිවාර්යයෙන්ම දැනසිටිය යුතු ජාත්‍යන්තරව පිළිගත් ජීවිතාරක්ෂක පියවර 3 මෙන්න

1. Talk Rescue (කතා කර මාර්ගෝපදේශනය කිරීම):
මෙය අවම අවදානමක් සහිත මුලින්ම කළ යුතු පියවරයි. ගිලෙන පුද්ගලයා ආසන්නයේ සිටී නම් සහ ඔහුට පියවි සිහිය තිබේ නම්, කලබල නොවී පිටුපසට හැරී පාවෙන ලෙසත්, අසල ඇති ගොඩබිම දෙසට පිහිනන ලෙසත් කටහඬින් පැහැදිලි උපදෙස් දී ඔහුව ආරක්ෂිතව ගොඩට ගෙන ඒම මෙහිදී සිදුවේ.

2. Throw Rescue (ද්‍රව්‍යයක් විසි කර බේරාගැනීම):
කතා කර ළඟා විය නොහැකි නමුත් ජලයට නොබැස කළ හැකි දෙවන ආරක්ෂිතම පියවරයි. ගිලෙන පුද්ගලයා දෙසට ලණුවක්, පාවෙන බෝයි එකක්, හිස් ප්ලාස්ටික් බෝතලයක් හෝ කැන් එකක් වැනි අල්ලාගත හැකි යමක් විසි කර, එය ආධාරයෙන් ඔහුව ගොඩබිම දෙසට ඇද ගැනීම මෙහිදී සිදු කරයි.

3. Fully Rescue (ජලයට බැස/පිහිනා ගොස් බේරාගැනීම):
අනෙක් ක්‍රම යොදාගත නොහැකි වූ විට අවසාන විකල්පය ලෙස ගන්නා, වැඩිම අවදානමක් සහිත පියවරයි. හොඳින් පිහිනීමට හැකියාව ඇති අයෙකු පාවෙන උපකරණයක්ද සමඟ ජලයට බැස, ගිලෙන පුද්ගලයා වෙත පිහිනා ගොස් පිටුපසින් අල්ලාගෙන, ඔහුගේ මුහුණ වතුරෙන් උඩට වන සේ තබාගෙන ආරක්ෂිතව ගොඩට ඇදගෙන ඒම මෙහිදී සිදුවේ.

මතක තබා ගන්න. ජලයේ ගිලෙන කෙනෙකු බේරාගැනීමේදී තමන්ගේ ජීවිතය පළමුව ආරක්ෂා කරගැනීම (Rescuer Safety) මූලිකම නීතියයි!

ශ්‍රී ලංකා පොලිසියේ https://web.facebook.com/photo?fbid=1497431359075388&set=a.667652685386597 ඇසුරිණි.

AI ජනනය කරන ලද ඡායාරූපයකි – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website