ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි අද (07) ගැසට් කර තිබේ.
මෙම පනත විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස හඳුවනු ලබන අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධනය ලෙස හැඳින්වේ.
22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අනුව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් ලෙස ද සංශෝධනය කර ඇති අතර අගවිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67ට එළැඹෙන දින හෝ ඔහු අගවිනිසුරු ධුරයට පත්වන දිනයේ සිට වසර 6ක කාල සීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කළින් එළැඹෙන දිනය බව ද එහි සඳහන් වේ.
මේ අතර, අභියාචනාධිකරණයේ උපරිම විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතින් අපේක්ෂා කෙරේ.













