පොලිස් නිශ්කාශන වාර්තා එහෙමත් නැත්නම් Police Clearance Certificate එක සඳහා අයඳුම් කිරීමේදී අයඳුම්කරුවන් නිතර සිදුකර වැරදි අඩුපාඩු නිසා විට විවිධ ගැටලු වලට මුහුණ දීමට බැවින් පහත උපදෙස් කෙරෙහි ඔබ වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස පොලසිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
එම නිවේදනය පහත පළ වේ.
පොලිස් නිශ්කාශන වාර්තා එහෙමත් නැත්නම් Police Clearance Certificate එක සඳහා අයඳුම් කිරීමේදී අයඳුම්කරුවන් නිතර සිදුකර වැරදි අඩුපාඩු නිසා විට විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුවේ. එබැවින් පහත උපදෙස් කෙරෙහි ඔබ වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන්න.
- ඔබ Online clearance certificate එක Apply කිරීමට ප්‍රථම උපදෙස් පත්‍රිකාව හොඳින් කියවන්න. මෙය සිංහල /දෙමළ/ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කර ඇත.
- ඔබේ පුද්ගලික විස්තර නිවැරදිවම ඇතුළත් කරන්න.
- Application එක පුරවද්දි ID, Passport එකේ තියෙන නම ඒ විදිහටම (Letter to Letter) ඇතුළත් කරන්න.
- ID එකේ සහ Passport එකේ ඔබේ නමේ වෙනසක් තිබුණොතින් ඔබට දිවුරුම් ප්‍රකාශයක් ඇතුළත් කිරීමට සිදුවේ.
- අතීතයේ පදිංචිව සිටි ස්ථාන (Previous Addresses) සහ ඒවායේ කාලසීමාවන් (From Date To Date) නිවැරදිව සඳහන් කරන්න.
- ID / Passport පිටපත් upload කිරීමේදී පැහැදිලි පිටපත් upload කරන්න.
- ඇතැම් අයඳුම්කරුවන් ජාතික හැඳුනුම්පත වෙනුවට රියදුරු බලපත්‍රය ඇතුළත් කරන අතර කිසිසේත් එය වලංගු නොවේ. පැහැදිලි ජාතික හැඳුම්පත් පිටපත අනිවාර්ය වේ.
- Upload කරන ගොනුවල Size එක 250 KB ට වඩා අඩු සීමාවට පවත්වා ගන්න.
- නිශ්කාශන වාර්තාව භාරදිය යුතු නිවැරදි ලිපිනය ඇතුළත් කරන්න.
- Select කිරීමේදී අදාල කොටුව නිවැරදිව Select කර ඇත්දැයි හොඳින් බලන්න.
- ඔබව සම්බන්ධ කරගත හැකි භාවිතා කරන දුරකථන අංකයක්, email ලිපිනයක් ලබා දෙන්න.
ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කළ නිල නිවේදනයකි. උපුටා ගැනීම https://web.facebook.com/srilankapoliceofficial/?_rdc=1&_rdr#
ඉහත ඡායාරූපය AI තාක්ෂණය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූපයකි – සංස්කාරක















