මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 07ක අදියර 02 (අවධානය) නායයෑමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අද (පියවර ගත්තේය).
එ් අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශය සහ ආශ්‍රිත ප්‍රදේශ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ, බටහිර කොත්මලේ, අඹගමුව, නුවරඑළිය, නෝර්වුඩ් සහ කොත්මලේ නැගෙනහිර යන ප්‍රා.ලේ. කොට්ඨාශවලට අදියර දෙක (අවධානය) නිවේදන නිකුත් කර ඇත.
මේ අතර මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයකට ද අදියර 01 (විමසිලිමත්) නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත.














