වී අලෙවි මණ්ඩලය සති තුනකදී වී මෙට්‍රික් ටොන් 19,592ක් මිලට ගනී

2026 යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 19,592ක්  පසුගිය සති තුන ඇතුළත මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

මුලතිව්, අම්පාර, අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට, කුරුණෑගල, මාතලේ, මොනරාගල, වවුනියාව, රත්නපුර, ත්‍රිකුණාමලය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලින් වී මිලදී ගෙන ඇත.

රජය නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 140කට මිලදී ගන්නා බව ද ඔහු පැවසුවේය.

AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ඡායාරූපයකි – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website