වෙළගෙදර පොලිස් වසමේ අඹකොටේ ප්‍රදේශයේදී අද දින (06) තියුණු ආයුධයකින් පහරදී තුවාල ලැබූ කාන්තාවක් මාවතගම රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට වෙළගෙදර පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 48 ක් වූ අඹකොටේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
වයස අවුරුදු 50 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙළගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















