පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා ඖෂධ සැල් වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඖෂධ සැල් පවත්වාගෙන යන සියලුම හිමියන් සහ කළමනාකරුවන් පහත කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස ද නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.
- කල් ඉකුත් වූ ඖෂධ සහ සෞඛ්‍ය ආශ්රිත නිෂ්පාදන නිරන්තරයෙන් පරීක්ෂා කර අලෙවියෙන් ඉවත් කරන්න.
- අලෙවිය සඳහා තබා ඇති සියලුම ඖෂධ සහ පාරිභෝගික භාණ්ඩවල අනිවාර්ය පාරිභෝගික තොරතුරු නිසි ලෙස සඳහන් කර ඇති බව තහවුරු කරන්න.
- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති නීතිමය අවශ්‍යතා සම්පූර්ණයෙන්ම පිළිපදින්න.
- වෛද්‍ය උපකරණ, ළදරු නිෂ්පාදන සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ නීතියට අනුකූලව පමණක් අලෙවි කරන්න.
- ඔබ සතුව ඇති තොග නිරන්තරයෙන් පරීක්ෂා කර නීතිවලට අනුකූලව පවත්වාගෙන යන්න.
නීති උල්ලංඝනය කරන ඕනෑම වෙළෙඳුකුට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන අතර, දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මූලාශ්‍රය – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිල ෆේස්බුක් පිටුවෙනි.
ඉහත ඡායාරූපය AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ඡායාරූපයකි – සංස්කාරක














