විදේශ ගතකරන බව පවසා කාන්තාවකගේ ලක්ෂ 64ක් වංචා කළ 21 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

විදේශ ගතකරන බව පවසමින් බංගදෙනිය කුරුකූපනේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් රවටා ඇගෙන් අන්තර්ජාල බැංකු සේවාව ඔස්සේ මුදල් රු. 6,365,000/= ක් යොමුකරවාගත් 21 හැවිරිදි සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒ්කකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2025.06.27 වන දින අදාල සිද්ධිය සම්බන්ධව පැමිණිල්ල ලැබී ඇති අතර දීර්ඝව විමර්ශනය කීරීමෙන් සැකකරු අම්පිලන්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හදුනාගෙන 2026.08.03 වන දින සවස අත්අඩංගුටගෙන තිබේ.

වංචාවට ලක්වූ කාන්තාව 28 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකරු විසින් ඇයගෙන් වංචාකළ මුළු මුදල 6,644,000/= ක් බව වාර්තා වේ.

සැකකරු 2026.08.04 වන දින හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website