2026 දී විදේශ රැකියා සඳහා වැඩිම පිටත් වීම ජූලි මාසයේ – ඊශ්‍රායල සහ ද. කොරියා රැකියා ඉහළට

මෙම වර්ෂයේ ජූලි මාසයේදී ශ්‍රී ලාංකිකයින් 25,622 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එය මෙම වසර තුළ එක් මාසයක දී වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව ද, එම අගය ජූනි මාසයට සාපේක්ෂව 4.84%ක වර්ධනයක් බව ද කාර්යාංශය පැවසුවේය.

ජූලි මාසයේදී ඊශ්‍රායලය සඳහා 2,521 පුද්ගලයින් දෙනෙකු, දකුණු කොරියාව සඳහා 1,618 දෙනෙකු සහ ජපානය සඳහා 79 දෙනෙකු පිටත්ව ගොස් ගිය බව පවසන විදේශ සේවා නියුක්ති කාර්යාංශය රජය ඊශ්‍රායලය, දකුණු කොරියාව සහ ජපානය සමඟ ඇති කර ගෙන ඇති අවබෝධතා ගිවිසුම් හේතුවෙන් එම රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ උනන්දුව ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.

මේ අතර, මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස හයක කාලය තුළ විදේශගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6ක විදේශ ප්‍රේෂණ එවා ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website