බම්බලපිටිය, හෙට්ටිවීදිය, නාට්ටුක්කෝට්ටෛ නගරත්තාර් ශ්‍රී නව කදිරේෂන් කෝවිලේ 152 වන වාර්ෂික ආඩිවේල් රිදී රිය පෙරහැර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී අද (28) පස්වරුවේ පිළිගනු ලැබිණ.
ජනාධිපති ලේකම්වරයා විසින් වේල් කරත්තයේ වැඩමවන ලද කඳ සුරිඳු දේව ප්‍රතිමාව වෙත පළතුරු වට්ටියක් පූජාකර ආගමික වතාවත්වලට එක් වී දේව ආශිර්වාද ලබාගන්නා ලදී .
අද (28) පෙරවරුවේ පිටකොටුව මුහුදු වීදිය කදිරේෂන් කෝවිලෙන් ආරම්භ වූ කොළඹ වාර්ෂික ආඩිවේල් උත්සවයේ රිදී රිය පෙරහැර කොළඹ ප්‍රධාන වීදි ඔස්සේ බම්බලපිටිය ශ්‍රී නව කදිරේෂන් කෝවිල දක්වා ගමන් කරන ලදී.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.















