කළු ගගේ මැණික් ගරමින් සිටි 25 දෙනකු අත්අඩංගුවට – ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයින් තිදෙනකුත් ඒ අතර

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒ්කකය, එම ඒ්කකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා වෙත ලැබුනු තොරතුරක් අනුව 2026.07.28 දින උදෑසන හොරණ වගවත්ත, ගංකන්ද ප්‍රදේශයන් ගලා බසින කළු‌ගගේ මාවක්කුමෝදර කොටස වටලා බෝට්ටු 14 ක් සහ මෝටර් 06 ක් ඇතුළු රුපියල් කෝටි 07කට අධික වටිනාකමින් යුත් උපකරණ තොගයක් සමඟ නීති විරෝදී මැණික් ගැරීමේ නිරතව සිටි සැකකරුවන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒ්කකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුකළ මෙම වැටලීම සඳහා කළුතර පොලිස් කොට්ඨාසයෙන් නිලධාරීන් කණ්ඩායමක්ද සහයෝගය ලබාදෙමින් එක් වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 25 දෙනා අතරින් තිදෙනෙකු ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයින් බව මේ වනවිට හඳුනාගෙන තිබේ.

සැකකරුවන් හා දේපළ සියල්ල ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර ඇත.

අධාර අනුබල දුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website