ජාතික සුපිලිපන් සතියට සමගාමීව දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ජාතික සුපිලිපන් සතියට සමගාමීව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (27) ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව මෙම වැඩසටහන පවත්වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

මෙම වැඩසටහන ජූලි 31 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

ජූලි 31 වන දින සියලුම රජයේ ආයතනවල රටපුරා ඩෙංගු මර්දන ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කෙරෙන අතර රාජ්‍ය ආයතන තුළ පිහිටුවා ඇති මෙහෙයුම් කමිටු හරහා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website