2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා – නිල නිවේදනය මෙන්න

2026 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වන ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මියගේ අත්සනින් අද (24) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

විභාගය සැසි දෙකකින් පැවැත්වෙන අතර පළමු ප්‍රශ්න පත්‍රය පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.45 දක්වා සහ දෙවන ප්‍රශ්න පත්‍රය පෙ.ව. 11.15 සිට ප.ව. 12.15 දක්වාත් පැවැත්වේ.

මෙම විභාගයට අදාළ අයදුම්කරුවන්ගේ පැමිණීමේ ලේඛවය දැනටමත් පාසල් විසින් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇති බව ද නිවේදනයේ සඳහන් වේ.

නිවැරදි කිරීම් අවශ්‍ය නම්, ජූලි 23 සිට අගෝස්තු 3 දක්වා කාලය තුළ දෙමාපියන්ට සහ පාසල්වලට මාර්ගගත සංශෝධන සිදු කිරීමට පහසුකම් ලබා දී ඇත.

නිවැරදි කිරීම් www.doenets.lk නිල වෙබ් අඩවි හරහා “අපගේ සේවා” → “විභාග තොරතුරු මධ්‍යස්ථානය” යටතේ හෝ www.onlineexam.gov.lk හරහා සිදු කළ හැකිය.

විමසීම් සඳහා, දෙපාර්තමේන්තුව විසින් සම්බන්ධතා අංක 011-2784208, 011-2784537, 011-2786616, 011-2785413, ක්ෂණික ඇමතුම් අංකය 1911 සහ ෆැක්ස් අංකය 011-2784422 ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website