ලිතුවේනියානු රැකියා ජාවාරමක් ගැන ලිතුවේනියා කොන්සල් කාර්යාලය මහජනතාවට අනතුරු අඟවයි

ලිතුවේනියාවේ රැකියා ලබා දෙන බවට බොරු පොරොන්දු දෙමින් මුදල් ඉල්ලා සිටින වංචනිකයින්ගෙන් පරිස්සම් වන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට අනතුරු අඟවා තිබේ.

සංචාරක වීසා බලපත්‍රයක් මත ලිතුවේනියාවේ රැකියා ලබා ගත හැකි බව පවසමින් පුද්ගලයින් සහ නියෝජිතයින් ශ්‍රී ලාංකිකයන් නොමඟ යවන බවට පැමිණිලි රාශියක් ලැබී ඇති බව කොන්සල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එවැනි පොරොන්දු නීති විරෝධී බව අවධාරණය කළ කොන්සල් කාර්යාලය, මෙම තත්වයන් යටතේ විදේශයන්හි රැකියා සංවිධානය කරන බව පවසමින් පුද්ගලික ගිණුම්වලට මුදල් තැන්පත් කිරීම හෝ කිසිවෙකුට මුදල් ගෙවීම නොකළ යුතු බව පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

කිසිදු විටක ලිතුවේනියාවෙ රැකියාවක් ලබා දෙන බව කියන කිසිම කෙනෙකුට මුදල් ලබා දීමෙන් වළකින්න. සංචාරක වීසා මත ඇතුළුවී රැකියා ලබා ගැනීමට ඔබට ලිතුවේනියාව තුළ කිසිදු හැකියාවක් නැත. ඔබ ශ්‍රි ලංකාවේ සිට රැකියාවක සිහිනය වෙනුවෙන් මුදල් යෑවීමෙන් ඔබ වංචාවකට හසුවීම පමණක් සිදු වන අතර අවසානයේ රැකියා සිහිනය මෙන්ම මුදල් ද ඔබට අහිමී වී යයි.

අදාල නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට පමණක් විදේශ ගත වන්න,  දැනුවත් වී ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න.

ලිතුවේනියානු කොන්සල් කාර්යාලයයේ පණිවුඩයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website