‘පච මදිවට හොරු අනුර ෆේල්’ යන තේමාව මූලික කර ගෙන සමගි ජන බලවේගය විසින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන මහජන කථිකාවතේ තවත් එක් වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්රධානත්වයෛන් පසුගිය දා පන්නල නගරයේ දී පැවැත්විණි.
පන්නල තලම්මැහැර පතිරණ උත්සව ශාලාවේ පැවැති මෙම මහජන කථිකාවත මහාචාර්ය චරිත හේරත් මහතා විසින් මෙහෙයවනු ලැබු අතර මේ අවස්ථාව වෙනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්වූූහ.















