මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබේ.
මාධ්‍ය අදහස් දක්වමින් මහාචාර්ය අබේකෝන් මහතා පැවසුවේ පෞද්ගලික හේතුවක් නිසා තමන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවයි.
මහාචාර්ය සරත් අබේකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය භාර ගැනීමට පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස සේවය කළේය.















