සරසවි ඇඳුරන්ගේ දරුවන්ට දැඩි අසාධාරණයක් වෙලා: උසස් පෙළ දරුවන්ට අදාළ වන දැඩි තීරණයක් ගන්න යයි

2027 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී උද්ගතව ඇති ගැටලු මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු සම්බන්ධව ද රජය සමඟ අවස්ථා කිහිපයක් දී  සාකච්ඡා කළත් ඒ සඳහා මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන් එළැඹෙන උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ වීම ගැන තීරණයක් ගැනීමට සිදුවන බව ද මහාචාර්ය  ප්‍රගීත් වීරතුංග අනතුරු ඇඟවීමක් කළේය.

සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ සියලුම ස්වේච්ඡා වැඩ කටයුතුවලින් ඉවත් වීමටත් තීරණය කර ඇති බවත් පැවසූ මහාචාර්ය වීරතුංග විශ්වවිද්‍යාලවල සියලු ආචාර්ය සංගම් එකතුව ප්‍රධාන රැස්වීමක් පැවැත්වුව බවත් එහිදී වෘත්තිය ක්‍රියාමාර්ගවලට අනුගත වීම සඳහා ඒකමතික තීරණය කළ බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website