මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති බවත්, මළ සිරුරු ඥාතීන්ට භාරදීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක මහතා සඳහන් කළේය.
මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 19 දෙදෙනෙකු ඝාතනය වූ බව කී ගජනායක මහතා සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 75 කට වැඩි පිරිසක් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවසුවේය.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවත් ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හමුදාව මීගමුව බන්ධනාගාරයෙන් පිටත යොදවා ඇති බවත් ගජනායක මහතා පැවසීය.
බන්ධනාගාරය තුළ ආරක්ෂක මෙහෙයුම් බන්ධනාගාර නිලධාරීන් විසින් කළමනාකරණය කරන බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.












