අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල අඩු කරනු ලබන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර ඇත.
නව මිල සංශෝධනය අනුව 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩුකර ඇති අතර එහි නව මිල රු. 4,465.00කි.
5kg සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1,792.00කි.
2.3kg සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර නව සංශෝධිත මිල රු. 835.00කි.
















