ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරියක වන ශ්‍යාමිලා පෙරේරා මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (30) දින අත්අඩංගුවට ගෙන ඇත.
ඇය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරියව සිටි සමයේ සේවයට බඳවාගන්නා ලද නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයට නොයොදවා එවකට අමාත්‍ය රවී කරුණානායක මහතාගේ කාර්යාල මණ්ඩලයේ සේවයට යෙදවීම තුළින් දුෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කළ බව අල්ලස් කොමිෂම පැවසුවේය.









