පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ ඩෙංගු පැතිරීම තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ.
පසුගිය පැය 24 තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,030 ක් වාර්තා වී ඇති බව හෙළි කළ කන්නන්ගර මහතා මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 54,189ක් වාර්තා වී ඇති බවත් සඳහන් කළේය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරි දින තුන තුළ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත බව කී කන්නන්ගර මහතා මේ වැඩසටහන් සාර්ථක කර ගැනීමට මහජනතාවගේ පුළුල් සහයෝගය අපේක්ෂා කරන බව ද කීවේය.














