රටපුරා පොසොන් දැන්සැල් 18,412ක් – නියමිත සෞඛ්‍ය ප්‍රමිතීන් සුරකින ලෙස PHI සංගමය යළි සිහිපත් කරයි

පොසොන් පොහොය වෙනුවෙන් සංවිධානය කර ඇති දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍ය ප්‍රමිතීන් පවත්වා ගැනීම සහතික කිරීම සඳහා පරීක්ෂණ දැඩි කරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේය.

පොසොන් පෝය වෙනුවෙන් දිවියන පුරා දන්සැල් 18,412ක් ලියාපදිංචි කර ඇති බව ද වැඩිම දන්සල් ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ලියාපදංචි කර ඇති බව ද ඔහු පැවසුවේය.

මුතුකුඩ මහතා පැවසුවේ පොසොන් උත්සව කලාප තුළ පිහිටි වෙළඳසැල් සහ තාවකාලික කුටි ද පොසොන් සතිය පුරා පරීක්ෂා කරන බවයි.

ආහාර සහ පාන වර්ග පිළිගැන්වීමේදී ප්ලාස්ටික් භාවිතා කිරීමෙන් වළකින ලෙස දන්සල් සංවිධාකවරුන්ගෙන් ඉල්ලා සිටි මුතුකුඩ මහතා ආහාර මගින් බෝවන රෝග වැළැක්වීම සඳහා ආරක්ෂිත ආහාර හැසිරවීමේ පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කරන ලෙස සංවිධායකයින්ට සිහිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website