ඩෙංගු මරණ 28ක් – කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 10ක අවදානම ඉහළට

ප්‍රදේශ කිහිපයක ඩෙංගු රෝගය අඛණ්ඩව පැතිර යන බැවින් මදුරුවන් බෝවන ස්ථාන තුරන් කිරීම සඳහා අවධානයෙන් සිටින ලෙසත් වැළැක්වීමේ පියවර ගන්නා ලෙසත්  ඩෙංගු  මර්ධන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල, මහනුවර, හම්බන්තොට, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු ආසාදන සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

ඩෙංගු රෝග ලක්ෂණ මතු වූ විට සංකූලතා ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ වැදගත්කම ද ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website