සයිබර් ප්‍රහාරයකින් බිඳ වැටුණු දුම්රිය නිල වෙබ් අඩවිය යථා තත්ත්වයට

ඊයේ (15) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ක්‍රියා විරහිතව තිබූ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

නමුත් වෙබ් අඩවියේ කාලසටහන් අංශය තවමත් ක්‍රියා විරහිතව පවතින බවත්  මේ දක්වා කිසිදු දුම්රිය කාලසටහනක් සංශෝධනය කර නොමැති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් වැඩි දුරටත් පැවසුවේය.

ඊයේ නිල නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය නිලධාරීන් ප්‍රකාශ කළේ බලපෑම වෙබ් අඩවියේ දුම්රිය කාලසටහන් පද්ධතියට පමණක් සීමා වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website