පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීමට එක්සත් ජනපද පාර්ලිමේන්තුව සමඟ අත්දැකීම් බෙදා ගනී

පාර්ලිමේන්තු අධීක්ෂණය සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය ශක්තිමත් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කමිටුවලට සංසන්දනාත්මක විශ්ලේෂණාත්මක සහාය ලබා දීම සඳහා පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගවේෂණය කරමින් සිටින බවත්, පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ නියෝජිතයින් මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද පාර්ලිමේන්තුව සමඟ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගත් බවත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී හවුල්කාරිත්වය පිළිබඳ එක්සත් ජනපද කොමිසමේ නියෝජිතයින්ගේ සංචාරය සම්බන්ධයෙන් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක තවදුරටත් මෙසේ සඳහන් වේ: “ප්‍රජාතන්ත්‍රවාදී හවුල්කාරිත්ව කොමිසම සහ එක්සත් ජනපද කොන්ග්‍රස් අයවැය සහ වියදම් කාර්යාලය සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය රජයේ වියදම්, ආර්ථික ප්‍රතිපත්ති සහ යෝජිත නීති ස්වාධීනව විශ්ලේෂණය කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැකියාව ශක්තිමත් කිරීමට සහාය වේ.

ඒ අනුව, කොළඹ සතියක් පුරා පැවති තාක්ෂණික ආධාර හුවමාරුවක කොටසක් ලෙස, ප්‍රජාතන්ත්‍රවාදී හවුල්කාරිත්ව කොමිසමේ අධ්‍යක්ෂ මේගන් මුවර් සහ මේගන් කැරොල් සහ ක්‍රිස්ටි හෝලි යන අයගෙන් සමන්විත දූත පිරිසක්, අයවැය, වියදම් අධීක්ෂණය සහ රාජ්‍ය වියදම් පිළිබඳ පක්ෂග්‍රාහී නොවන ස්වාධීන විශ්ලේෂණයක් සිදු කිරීමේදී ඇමරිකා එක්සත් ජනපදය අනුගමනය කරන හොඳම පිළිවෙත් බෙදා ගැනීමේ අරමුණින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය 100කට අධික පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වූහ. පාර්ලිමේන්තු අයවැය සහ වියදම් කාර්යාලයේ සැලසුම සහ ව්‍යුහය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු අවශ්‍යතා හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේදී ආවරණය විය.

යෝජිත ප්‍රතිපත්ති සහ පනත් කෙටුම්පත්වල ආර්ථික බලපෑම් සහ දිගුකාලීන මූල්‍ය ප්‍රතිවිපාක තක්සේරු කිරීමට පාර්ලිමේන්තු අයවැය සහ වියදම් කාර්යාලය වැනි ව්‍යුහයන් අනෙකුත් රටවල පාර්ලිමේන්තුවලට සහාය වේ. මෙම සන්දර්භය තුළ, පාර්ලිමේන්තු අධීක්ෂණය සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය ශක්තිමත් කිරීමේ උත්සාහයන්ගේ කොටසක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කමිටුවලට සමාන විශ්ලේෂණාත්මක සහායක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු අයවැය සහ වියදම් කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගවේෂණය කරමින් සිටී. පාර්ලිමේන්තු අයවැය සහ වියදම් කාර්යාලයේ නියෝජිතයින් මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද පාර්ලිමේන්තුවෙන් ලබාගත් අත්දැකීම් බෙදා ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website