අධිකරණවල නඩු ලක්ෂ 11ක් ගොඩගැහිලා – ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

අධිකරණවල නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණි විජේසිංහ අද (12) පාර්ලිමේන්තුවට පැවසුවාය.

“මෙම අඩුපාඩු නිවැරදි කිරීමට අපගේ රජයට ජනවරමක් ලැබී ඇති අතර මෙම අඩුපාඩු නිවැරදි කිරීම කෙරෙහි අපි අවධානය යොමු කරනවා” ඇය තවදුරටත් පැවසුවාය.

මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ද අධිකරණයේ පවතින අඩුපාඩු ඉක්මනින් විසඳන බවට අද පාර්ලිමේන්තුවට සහතික විය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ චාමර සම්පත් විසින් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මෙම ප්‍රකාශය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website