දිවයින පුරා බන්ධනාගාරවල සිටින රැඳවියන් සංඛ්‍යාව 40,000 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර මෙහෙයුම් කොමසාරිස් අනුරුද්ධ ගජනායක මහතා පැවසුවේය.
ඔහු පැවසුවේ බන්ධනාගාරවල රැඳවියන් 11,000ක් පමණක් රඳවා තබා ගැනීමේ හැකියාව ඇති බවයි.
වත්මන් බන්ධනාගාර ජනගහනයෙන් 10,000ක් පමණ දඬුවම් විඳින වැරදිකරුවන් වන බවත් ඉතිරි 30,000 දෙනා රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් වන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.













