ප්‍රංශ ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා සහ යුනෙස්කෝ වේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා (10) රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව ප්‍රංශ ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපති සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පී. ආර්. එස්. එස්. ගුණරත්න මහතාගේ නාමයෝජනාවට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.













