පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දේශීයව ඇසුරුම් කරන ලද සහ බෝතල් කරන ලද පානීය ජල බෝතල්වල උපරිම සිල්ලර මිල අද (10) සිට ක්රියාත්මක වන පරිදි වැඩි කරමින් සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
නව මිල ගණන් යටතේ, මිලි ලීටර් 500 සිට 999 දක්වා බෝතල් රුපියල් රුපියල් 80 දක්වා අලෙවි කළ හැකි අතර, ලීටර් 1 සිට 1.499 දක්වා බෝතල්වල මිල රුපියල් 120 දක්වා ද, ලීටර් 1.5 සිට 1.99 දක්වා බෝතල්වල මිල රුපියල් 150 දක්වා වැඩි කර ඇත.
ලීටර් 2 සිට 2.49 දක්වා බෝතල්වල උපරිම මිල රුපියල් 180 දක්වාත්, ලීටර් 5 සිට 6.99 දක්වා බෝතල්වල උපරිම රුපියල් 400 දක්වාත් වැඩි කර ඇත.
















