කැළණි වැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර – නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියාවක් හේතුවෙන් අද (06) දින උදෑසන 09.30 සිට හෙට (07 )වන දින උදැසන 07.30 දක්වා කාලය තුළ දුම්රිය හරස් මාර්ගය අසලින් කොටා පාර වසා තැබීම සිදු කරන බවට ශ්රී ලංකා දුම්රිය සේවයේ ඉංජිනේරු අංශය මගින් කොළඹ රථවාහන කොට්ඨාසය වෙත දන්වා ඇත. එම කාල සිමාව තුළ එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නොවන බව ද වැඩිදුරටත් දන්වා ඇත.
එ අනුව එම කාලය තුල කොටා පාර භාවිතා කරන රියැදුරන් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
බොරැල්ල හන්දිය දෙස සිට පැමිණ කොටා පාර ඔස්සේ ආයුර්වේද හන්දිය දෙසට ගමන්ගන්නා රථවාහන
- බොරැල්ල හන්දිය දෙස සිට පැමිණ කොටා පාර ටිකල් පාර හන්දියෙන් දකුණට හැරී කාසල් පාර ටිකල් පාර හන්දියෙන් වමට හැරී පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ ආයුර්වේද හන්දිය දක්වා ගමන් කළ හැකිය. (බරවාහන හා ද්විත්ව කාර්ය රථවාහන)
- බොරැල්ල හන්දිය දෙස සිට කොටා පාර ඔස්සේ රුහුණු කලා මාවත හන්දිය දක්වා පැමිණ, රුහුණු කලා මාවත හන්දියෙන් වමට හැරී, රුහුණු කලා මාවත ඔස්සේ රුහැණු කලා මාවත, කුරුප්පු පාර හන්දියෙන් දකුණට හැරී, කුරුප්පු පාර ඔස්සේ නැවත කොටා පාරට පැමිණ ආයුර්වේද හන්දිය දක්වා ගමන් කළ හැකිය. (යතුරුපැදි, ත්රීරෝද රථ හා කාර් රථ)
ආයුර්වේද හන්දිය දෙස සිට පැමිණ කොටා පාර ඔස්සේ බොරැල්ල හන්දිය දෙසට ගමන් ගන්නා වාහන
- රාජගිරිය දෙස සිට පැමිණ ආයුර්වේද හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට පිවිස එම මාර්ගය ඔස්සේ මොඩල්ෆාම් හන්දිය, ඩී.එස්. හන්දිය දක්වා පැමිණ ඩී.එස්. හන්දියෙන් දකුණට හැරී බොරැල්ල හන්දිය දක්වා ගමන් කළ හැකිය. (බරවාහන හා ද්විත්ව කාර්ය රථවාහන)
- රාජගිරිය දෙස සිට පැමිණ ආයුර්වේද හන්දියෙන් කොටා පාර ඔස්සේ රොඩ්නි වීදිය හන්දිය දක්වා පැමිණ, රොඩ්නි වීදිය හන්දියෙන් දකුණට හැරී, කුරුප්පු මාවත ඔස්සේ ගමන් කර රුහුණු කලා මාවත රොඩ්නි වීදිය හන්දිය දක්වා පැමිණ වමට හැරී කොටා පාරට පැමිණ බොරැල්ල හන්දිය දක්වා ගමන් කළ හැකිය. (යතුරුපැදි, ත්රීරෝද රථ හා කාර් රථ)












