අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා තවත් අලි මංකඩ 03ක් ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව, හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයේ සිට බුන්දල දක්වා වන අලි ගමන් කරන මාර්ගය, වදහිතකන්ද අලි කළමනාකරණ රක්ෂිතයේ සිට උඩවලව ජාතික වනෝද්‍යානය දක්වා වන අලි ගමන් කරන මාර්ගය සහ හදපානාගල හරහා දෙමෝදර දක්වා වන මාර්ගය යන මාර්ග තුනක් අලි මංකඩ ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
මෙම අලි මංකඩ තුළ දැනට පිහිටා ඇති නිවාස සහ වගා කරන ලද කුඹුරු ඉඩම් ද ඉවත් කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.















