මන්නාරම මෙගාවොට් 50 සුළං බල ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සුළං ටර්බයින පෙති (Wind Turbine Blades) මෙරටට ළඟා වී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකේ.
මෙම ව්‍යාපෘතිය යටතේ විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 4.65ක පමණ අඩු මිලකට විදුලිය ලබා ගැනීමට එකඟතාවයකට පැමිණ ඇති අතර, මෙය මෙරට විදුලි පද්ධතියට බාහිර පාර්ශ්වයකින් විදුලිය ලබාගත් අවම මිලක් ලෙස ද සැලකේ.
මෙම වසර අවසන් වීමට පෙර ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන අතර, ඉදිරියේදී තවත් මෙගාවොට් 50ක සුළං බල ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමටද සැලසුම් කර ඇත.
එමෙන්ම, සූර්ය බලශක්තියෙන් නිපදවන විදුලිය කාර්යක්ෂමව ගබඩා කිරීම සඳහා මෙගාවොට් 550ක පමණ ධාරිතාවයකින් යුත් Battery Energy Storage System (BESS) පද්ධතියක් ද මෙම වසර තුළ ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතය.
සුළං හා සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය ප්‍රභව මගින් රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් සපුරාලීමේ ජාතික ඉලක්කය කරා ගමන් කරන මෙම වැඩපිළිවෙළ, ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වාධීනත්වය සහ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් වැදගත් පියවරකි.














