රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන පළාත්සභා හා පළාත්පාලන අමාත්‍යංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිල දී ගැනීම හා භාවිතය මැයි මස 31 වන දින සිට සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවත් තනි භාවිත ප්ලාස්ටික් ආයතනය තුළ භාවිතයෙන් වැළැක්වීම සඳහා සියලුම ආයතන ප්‍රධානීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයු තු බව මෙම චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙම නව චක්‍රලේඛයට අමතරව පසුගිය වසරේ අප්‍රේල් මස 2වන දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් විධිවිධාන  බලාත්මක බව ද මෙම චක්‍රලේඛයේ වැඩි දුරටත් සඳහන් වේ.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන “3R“ සංකල්පයට අනුගත වීම (අවම කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය) සිදු කළ යුතුය.

මෙම චක්‍රලේඛය පරිසර අමාත්‍යංශයේ එකඟතාවෙන් නිකුත් කර ඇත.

අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website