රෝගී ප්‍රතිකාර ශක්තිමත් කිරීමට අතිනවීන රුධිර ප්ලස්මා යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට

ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිරගත පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන අතිනවීන රුධිර පෙස්මා හුවමාරු යන්ත්‍ර දෙකක් (Com.Tec MultiProcedural Machine) සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.

රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් මෙම වෛද්‍ය උපකරණ Premium International සමාගම විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාර දෙන ලදී.

ජර්මනියේ නිෂ්පාදිත මෙම අතිනවීන උපකරණ මගින් පෙස්මා දේහ විච්ඡේදන ප්‍රතිකාර ක්‍රම හරහා මී උණ, සර්ප දෂ්ටන, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග සහ රුධිරගත පිළිකා ඇතුළු රෝග තත්ත්ව රැසකට ප්‍රතිකාර ලබාදිය හැකි බව සඳහන් වේ.

තවද, අවයව බද්ධ කිරීම්වලට පෙර සහ පසු රෝගීන්ට අවශ්‍ය විශේෂ සත්කාර ලබාදීමටත්, තැලසීමියා සහ රුධිර පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සැපයීමටත් මෙම උපකරණ වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, රජය විසින් නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සඳහා වාර්ෂිකව විශාල මුදලක් ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා වැය කරන බවයි. එම සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙවැනි පරිත්‍යාග වැදගත් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website