තඹලගමුව පොලිස් වසමේ සේනවල්ලි වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඊයේ (16) දින තඹලගමුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 35 ක් වූ අර්ෆානගර්, තඹලගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු වැවක මසුන් අල්ලමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත සිහිවිකල් වී දියේ ගිලීමෙන් මෙම අනතුරට මුහුණ පා ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වි ඇත.
විදුලි සැර වැදී කාන්තාවක් ජීවිතක්ෂයට
කොටවෙහෙර පොලිස් වසමේ පලුගොල්ල ප්රදේශයේ කාන්තාවක් විදුලි සැර වැදී මියගොස් ඇති බවට 2026.05.16 දින කොටවෙහෙර පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය අවුරුදු 69 ක් වූ පලුගොල්ල, ගල්ගමුව ප්රදේශයේ පදිංචිකාරියකි.
ජල මෝටරයක් සඳහා විදුලිය ලබා දී තිබූ වයරයේ විදුලි කාන්දුවීමක් මගින් විදුලි සැර වැදී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
කොටවෙහෙර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.











