වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (14) දින පස්වරු 08.00ට නිකුත් කළ නිවේදනයකින් අත්තනගළු ඔය ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇගයීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
අද (14) උදෑසන 6.00 වන විට අත්තනගළු ඔය ද්‍රෝණියේ බොහෝ ජල පෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
වත්මන් වර්ෂාපතන තත්ත්වයන් සහ අත්තනගළු ඔයේ ජල විද්‍යාත්මක ස්ථානවල නිරීක්ෂණය කරන ලද ගංගා මට්ටම් ඉහළ යාම මත පදනම්ව, ඉදිරි පැය 48 තුළ අත්තනගළු ඔය සහ ඌරුවල් ඔය නිම්නවල පහත් බිම් ප්‍රදේශ ගංවතුරෙන් යටවීමේ හැකියාවක් ඇති බවට නිලධාරීන් අනතුරු අඟවන බව එම නිවේදනයේ සඳහන් වේ.
අවදානම් සහිත ප්‍රදේශ අතර දිවුලපිටිය, මිරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කොටස් ඇතුළත් වේ.
මෙම පහත් බිම් ප්‍රදේශ හරහා ගමන් කරන මාර්ග කිහිපයක් ඇතැම් ස්ථානවල ජලයෙන් යටවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එම නිවේදනය පහත දැක්වේ.












