ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් ඉහළ ගොස් තිබූ ගංඟා වල ජල මට්ටම්වල අඩුවීමක් පෙන්නුම් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මේ තත්ත්වය තුළ නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගළු ඔය වැනි ගංගා ද්‍රොණිවල පිහිටි ජල මට්ටම්වල අඩුවීමක් පෙන්නුම් කරන බව ද ඔහු පැවසුවේය.
කළු ගඟ මිල්ලකන්ද හැර අනෙකුත් ස්ථානවල ජල මට්ටම් අඩුවෙමින් පවතින බවද සඳහන් කළ සූරියබණ්ඩාර මහතා වර්ෂාපතනයේ අඩුවීම සමඟ මෙම තත්ත්වය පැවතිය ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන සමඟ තවදුරටත් වර්ෂාපතනය ඉදිරි දිනවල ලැබිය හැකි බැවින් මෙය තාවකාලික අඩුවීමක් විය හැකි බව ද පැවසීය.











