කොළඹ කොටුව – පුත්තලම දුම්රිය ධාවනය පිළිබඳ නිවේදනයක්

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අද (14) පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.

පුත්තලම දුම්රිය මාර්ගය, තිල්අඩි ප්‍රදේශයේදී ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බවත් එම ජල මට්ටම තව දුරටත් වැඩි වෙමින් පවතින බවත් එම නිවේදනයේ දුරටත් සඳහන් වේ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවනය පිළිබඳව ඉදිරියේදී මහජනතාව දැනුවත් කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website